Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්දය සාමකාමීව.

05 September, 2014

 

 

ඌව තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ වනවිට සාමකාමීව සිදුවන බව පැෆ්රල් සංවිධානය පවසනවා. තෝරාගත් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් සඳහා මැතිවරණ නිරීක්ෂකයින් 75 දෙනෙකු යොදවා ඇති බවයි එම සංවිධානය ප‍්‍රකාශ කළේ.  

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාලව තැපැල් ජන්ද සලකුණු කිරීම හෙට දිනයේත් ක‍්‍රියාත්මකයි.  අද සහ හෙට දින දෙක තුලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රජයේ සේවකයින්ට සැප්තැම්බර් මස 11 වනදා දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකිබවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් රාජ්‍ය සේවකයින් 10 671ක් සුදුසුකම් ලබා ඇති අතර බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 19 985 ක්. තැපැල් ඡන්ද විමසීමට අදාළව  තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 40 ක මුදලක් මැතිවරණ මහලේකම් කාර්යාලය ලබාදී තිබෙනවා.

මෙවර ජන්ද මධ්‍යස්ථාන තුල ජායාරූප ගැනීම, වීඩියෝ කිරීමට හෝ ජංගම දුරකතන භාවිතය තහනම්. තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නියෝජිතයන් ලෙස තැපැල් ජන්ද භාවිතා කරන ආයතනයේ සේවකයන් සහභාගි විය නොහැකි බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

අද සහ හෙට පැවැත්වෙන තැපැල් ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළා. තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන මධ්‍යස්ථාන ආසන්නයේ හදිසි මාර්ග බාධක යෙදවීමද ඊට අයත්.

 

Source - www.hirunews.lk/sinhala/91195

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks