Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ලොතරැයියේ සේවකයිනුත් මොණරාගල ඡන්ද වැඩ - NEM/IHR

05 September, 2014

ලොතරැයියේ සේවකයිනුත් මොණරාගල ඡන්ද වැඩ - NEM/IHR

 

මොණරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත කර ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් සහ එම ආයතනයේ සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදා ගනිමින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM/IHR) පවසයි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංවිධානය මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

එකී ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.



සහකාර මැතිවරණ කොමසාරිස්තුමා,
මැතිවරණ කාර්යාලය,
මොණරාගල.
මහත්මයාණෙනි,

ලොතරැයි මණ්ඩල සේවකයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම.


2014 ඌව පළාත් සභා මැතිවරණයට අදාළව මොණරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාපිත කර ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ කාර්යාලය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයන් සහ එම ආයතයේ සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදා ගනිමින් ප‍්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිල්ලක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසඳයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM/IHR) වෙත ලැබී ඇත.

අදාල පැමිණිල්ලේ සඳහන් වන තොරතුරු අනුව එම ප‍්‍රචාරක කටයුතු සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ලලිත් කුමාර, ජනක ලියනගේ, බුද්ධික මහේෂ් කුමාර, වරුණ ජයවික‍්‍රම, තිළිණ අසංක, ප‍්‍රගීත් සම්පත් සහ ලසන්ත කුමාර යන සේවකයින් සහ PC 3058" TB 3312, අංක දරණ වෑන් රථ දෙකද ජායා පිටපත් යන්ත‍්‍ර ඇතුළු රාජ්‍ය සම්පත් විශාල ප‍්‍රමාණයක් යොදාගෙන ඇති බවයි.

මේ පිළිබඳව පරීක්‍ෂාකර බලා මෙලෙස රාජ්‍ය සම්පත් හා රාජ්‍ය දේපළ හා එ.ජ.නි.ස යේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වළකාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

ස්තුතියි.

මෙයට,

ආචාර්ය උදිත ගුණසේකර,
ප‍්‍රධාන විධායක,
NEM IHR.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks