Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ප්‍රචණ්‌ඩත්වය මඬින්න බැරි නම් ඌව ඡන්දය කල්දානවා

07 September, 2014

ප්‍රචණ්‌ඩත්වය මඬින්න බැරි නම් ඌව ඡන්දය කල්දානවා

 

රනිල් ධර්මසේන

ඌව පළාතේ දිගින් දිගටම වැඩිවන මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිසියට හා දේශපාලන පක්‍ෂවලට නොහැකි වුවහොත් ඡන්ද විමසීම කල් තැබීමට මැතිවරණ කොමසාරිස්‌වරයා තීරණය කර තිබේ.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ උද්ගතව ඇති ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමසාරිස්‌වරයා අද (07 වැනිදා) එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

ඉන්පසුව දිස්‌ත්‍රික්‌කයේ තරග කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් කැඳවා සාකච්ඡා කර මේ පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීමට නියමිත බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන පක්‍ෂ කාර්යාල 40 කට වැඩි ප්‍රමාණයකට මේ වනවිට හානිකර තිබේ. එමෙන්ම පහරදීම් හා බියවැද්දීම් 10 ක්‌ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 80 ක්‌ ද නීති විරෝධී පක්‍ෂ කාර්යාල පිහිටුවීම පිළිබඳ පැමිණිලි 30 ක්‌ ද නිරීක්‍ෂක සංවිධාන වෙත වාර්තා වී තිබේ.

මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු නිලධාරීන් පිරිස කලබල වැඩි වශයෙන් සිදු වූ ප්‍රදේශ ද නිරීක්‍ෂණය කිරීමට නියමිතය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks