වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා ඡුන්ද විමසීමේ නිරීක්ෂණය සඳහා රටවල් 5කින් නිරීක්ෂකයන් දිවයිනට පැමිණ ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. ඊයේ රාත‍්‍රී මෙම පිරිස දිවයිනට පැමිණි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් මැතිවරණ නිරීක්ෂකයන් මෙලෙස පැමිණ තිබෙනවා. ඔවුන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා අතර සාකච්ඡුාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. මෙම පිරිසට දෙදිනක පුහුණු සැසියක් පැවැත්වෙන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
