ඌවේ බොරු භීෂණයක් මවාපාමින්
ඌව පළාතේ බොරු භීෂණකාරී පරිසරයක් මවා පා ඡන්ද දායකයන් ඡන්දපොළට යෑම වැළැක්වීමට එජාප සහ ජවිපෙට සම්බන්ධ බංකොලොත් දේශපාලනඥයන් පිරිසක් සැලසුම් සකස් කරමින් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
විශේෂයෙන් ම මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල යම් යම් කළහකාරී සිද්ධි නිර්මාණය කොට ඒවා පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට මෙම විපක්ෂ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් යොදවා ඇති අතර මැතිවරණය සාධාරණ ලෙස පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බවට මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කිරීමට එම දේශපාලනඥයන් නිරන්තරයෙන් උත්සාහ දරති. ඡන්දය පැවැත්වීමට නියමිත ප්‍රදේශවල හමුදා සහ පොලිස් මුර කපොලු පිහිටුවීමට උපදෙස් දෙන ලෙස මෙම බංකොලොත් දේශපාලනඥයන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට යන බවට ද තොරතුරු ලැබී තිබේ.
මැතිවරණ කාර්යාලවලට සහ පොදු ස්ථානවලට පහර දී ඒ පිළිබඳ ඔවුන් විසින් ම පොලිසියට පැමිණිලි කිරීමට මෙම දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් ක්‍රියා කරමින් සිටින අතර මහමග සිදුවන හදිසි අනතුරු පවා මැතිවරණයට ඈඳා ගැනීමට මෙම පිරිස් අසාර්ථක උත්සාහයක යෙදී සිටිති. කෙසේ වෙතත් අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රටපුරා සමතුලිත සංවර්ධනයක් සිදු කරන මොහොතේ ඌව පළාතට ලැබුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නිසා ඌවේ ජනතාවගේ ආර්ථික සාමාජියික දියුණුවක් සිදුවී තිබේ.
මේ නිසා රජය කෙරෙහි පැහැදී සිටින ජනතාව තමන් වෙත දිනා ගන්නට නොහැකි බංකොලොත් දේශපාලන පක්ෂ බොරු භීෂණයක් මාව රජයට මෙවර පළාත් සභා මැතිවරණයෙන් හිමිවන විශිෂ්ට ජයග්‍රහණයේ කීර්තිය හා ජනතා කැමැත්ත විකෘති කොට මඩක් එක් කිරීමට සූදානම් වන බව ද පැහැදිලි වේ.
Source - www.dinamina.lk/2014/09/16/_art.asp