මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාල මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධින් 431ක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මධ්‍යම පළාතෙන් වැඩිම සිද්ධින් ප‍්‍රමාණයක් වාර්තා වි ඇති බවයි. ඒ අනුව මධ්‍යම පළාතේ සිද්ධින් 218ක්, වයඹ පළාතේ සිද්ධින් 134ක් සහ උතුරු පළාතේ සිද්ධින් 73ක් වාර්තා වි ඇති බව ද ඔහු කියා සිටියා. ඒ අතර පහරදීමේ සිද්ධින් 30ක් වාර්තාවන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.
