Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මේ වසරේ ඡන්ද ලේඛනයේ නම නැතිනම් ලබන වසරේ ඡන්ද 3 කට හිමිකම් නෑ

16 September, 2014

මේ වසරේ ඡන්ද ලේඛනයේ නම නැතිනම් ලබන වසරේ ඡන්ද 3 කට හිමිකම් නෑ

රනිල් ධර්මසේන

නව 2014 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය නොලබන කිසිවකුට ලබන වසරේ පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ තුනකට ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමිත දිනට කලින් ලබන වසරේ පැවැත්වීමට ආණ්‌ඩුව සූදානම් වන අතර නිල

කාලය අවසන් වන පළාත් පාලන මැතිවරණය ද ලබන වසරේ පැවැත්වීමට නියමිතය.

මෙම සෑම මැතිවරණයකටම වලංගු වනුයේ 2014 නව ඡන්ද හිමි නාමලේඛණය බව ද හෙතෙම කීය.

ප්‍රතිශෝධන කටයුතු සිදුවෙමින් පවතින 2014 නව ඡන්ද හිමි නාමලේඛනය ලබන 30 වැනිදා දක්‌වා ග්‍රාම නිලධාරි කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රදර්ශනය කරන බවත් තමන්ගේ නම ඇතුළත්ව නොමැති නම් එම කාලය තුළ යළිත් ඉල්ලුම් කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.


නව ඡන්ද හිමි නාමලේඛනය ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

 

Source - www.divaina.com/2014/09/16/news04.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks