Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව දිනන සටන අදයි

20 September, 2014

ඌව දිනන සටන අදයි

ඌව දිනන සටන අදයි

 

ඌව පළාත් සභා මැතිවරණය 2014 සැප්තැම්බර් 20 වැනිදා, එනම් අද දින පෙ.ව. 07.00 සිට ප.ව. 04.00 දක්වා පැවැත් වේ.

මෙවර ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එම පළාතේ ඡන්දදාකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 834ක පහසුකම් සලසා ඇති අතර, එහිදී, බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 516ක් හා මොනරාගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 318ක් ලෙස එය බෙදී යයි.

ඌව පළාත් සභාවට තෝරා ගැනෙන මන්ත්‍රීවරු සංඛ්‍යාව 32ක් වන අතර, ප්‍රසාද ආසනවලින් මන්ත්‍රීවරු 2ක්ද සමග සම්පූර්ණ මන්ත්‍රීවරු 34ක් තෝරා පත් කර ගැනේ.

එහිදී, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 18ක්ද, මොනරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 14ක්ද තෝරා ගැනේ.

මෙවර ඌව පළාත සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 07ක්ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් ද තරග වදිනු ලබයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 294ක් හා මොණරාගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 323ක් ඇතුළු ඌව පළාතෙන් අපේක්ෂකයන් 617 දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වී සිටිති.

 Source - ada.lk/article/29765/%E0%B6%8C%E0%B7%80-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks