Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මොනරාගල මන්ත්‍රී ආසන 14ක් සඳහා 323ක් සටන් බිමේ

20 September, 2014

මොනරාගල මන්ත්‍රී ආසන 14ක් සඳහා 323ක් සටන් බිමේ

 

ඌව පළාත් සභාව සඳහා සභිකයන් තෝරා ගැනීම පිණිස පැවැත්වෙන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 323කි. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 7කි. මොවුන් අතරින් ඌව පළාත් සභාවට මොනරාගලින් තෝරා පත් කැර ගැනෙන්නේ සභිකයන් 14කි.

මෙම මැතිවරණය සඳහා අපේ ජාතික පෙරමුණ,එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ජාතික පක්ෂය,එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය,එක්සත් සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජනසෙත පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, ලිබරල් පක්ෂය, ශ්‍රී ලංකා කම්කරැ පක්ෂය යන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂ ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත්වී ඇත.

මෙවර පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 3,43,435කි. ඒ බිබිල ආසනයෙන් ඡන්ද 81,564ක්,මොනරාගල ආසනයේ ඡන්ද 1,05,741ක් හා වැල්ලවායෙන් ඡන්ද 1,45,459ක් වශයෙනි. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 10,671කි. අද පැවැත්වෙන ඡන්දය මධ්‍යස්ථාන 318කදී පැවැත්වෙන අතර ඒ බිබිල ආසනයේ මධ්‍යස්ථාන 82ක්, මොනරාගල ආසනයේ මධ්‍යස්ථාන 103ක් හා වැල්ලවාය ආසනයේ ඡන්ද මධ්‍යස්ථාන 133ක් වශයෙනි.

ඡන්ද ගණන් කිරීම මොනරාගල රාජකීය විද්‍යාලයේදී සිදු කෙරෙණ අතර ඒ සඳහා වෙන්කැර ඇති ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණන 32කි. බිබිල ආසනයේ ඡන්ද ලණන් කිරීමේ මධ්‍යස්ථාන 8ක් පිහිටුවා ඇති අතර මොනරාගල ආසනයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 10කි. වැල්ලවාය ආසනයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14ක් වශයෙනි.

මොනරාගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඒ. පතිනාදන් මහතාගේ මෙහෙයවීම මත ගණන් කිරීම ක්‍රියාත්මක කෙරෙණ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 7ක් පිහිටුවා ඇත. ඒ මොනරාගල පරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. අද උදෑසන 7ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම සවස 4ට අවසන් වන අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 4ට ආරම්භ කිරීමටත් අනෙකුත් ඡන්ද ගණන් කිරීම සවස 6ට ආරම්භ කිරීමටත් කටයුතු සංවිධානය කැර ඇත. අද දින සිට මොනරාගල දිස්ත්‍රික්කය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යොදවා ඇත.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks