Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවේ ඡන්දයට පොලිසිය සීරුවෙන්

20 September, 2014

ඌවේ ඡන්දයට පොලිසිය සීරුවෙන්

නීති විරෝධී වැඩවල යෙදුනොත් වැඩ වරදී

 

 

ඌවේ පුංචි ඡන්දය පැවැත්වෙන ස්ථාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මහා මාර්ග ආරක්ෂාව, ඇතුළු සෑම ස්ථානයකටම පොලිසිය යොදවනු ඇති බවත් මැතිවරණය කඩාකප්පල්කරන්නන්ව තරා තිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහ විශේෂ කාර්ය බළකායට උපදෙස් ලබාදී තිබේ.

මෙම ස්ථානවල ආරක්ෂාවේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට ටී 56 ගිනි අවි ලබාදී ඇති අතර සිවිල් ඇඳුමෙන් යොදවන ලද දහසක පිරිසක් කඩාකප්පල්කාරීන් සොයා රහසිගතව මෙහෙයුම් සිදු කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කෙළේ ඡන්ද මධ්‍යස්ථාන 835 සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි. ඡන්ද මධ්‍යස්ථානවලට අනවසරින් ඇතුල්වීම, වාහන ගමන් කිරීම, වාහන පෙළපාලි සමඟ අපේක්ෂකයන් ආධාරකරුවන් ගමන් කිරීම, ඡන්ද නිලධාරීන්ට ආරක්ෂක නිලධාරීන්ට, රාජකාරී කටයුතුවලට බාධා කිරීම, ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම, හොර ඡන්ද දැමීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළත ආරක්ෂාවේ යෙදී සිටින නිලධාරීන්ට අමතරව තවත් පන්සියයක පිරිසක් එම ගණන් කරන මධ්‍යස්ථාන භූමිවල ආරක්ෂක වළල්ලක් සේ ක්‍රියා කරති. ජංගම පොලිස් රථ 232 නිරතුරුවම රාජකාරියේ යෙදී සිටියි. කැරලි මර්දන කණ්ඩායම්ද යොදා තිබේ. ආරක්ෂාවට යොදා සිටින පොලිසිය, විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු යම් කිසි වැරැද්දක් සිදු කළහොත් හෝ වෙනත් හදිසි අවස්ථාවක 011 - 2877630 ට දැනුම් දිය හැක.

ඌව ප්‍රදේශය පුරාම මාර්ග බාධක 57 යොදා ඇත. ඊට අමතරව ක්ෂණික මාර්ග බාධකද යොදවා තිබේ. ඡන්දය අවසන් වී සතියක කාලයක් යන තෙක් පෙළපාලි රැස්වීම් ආදිය සපුරා තහනම් වෙයි. ඡන්දය පැවැත්වෙන අද (20) දින ඉහත සඳහන් වැරැදි සිදු කළහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලැබී ඇති බවද නීතිඥ අජිත් රෝහණ මහතා කීය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks