22 September, 2014
ජවිපෙ පරාජිත අපේක්ෂයින්ගේ නිවාසවලට ප්‍රහාරයක්
ඌව පළාත් සභාවට ජවිපෙන් තරඟ කළ මොණරාගල, මදුරුකැටියේ පී.පී.ජී විජේසිරිගේ නිවසට හා අපේක්ෂක අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ මධ්‍යම රාත්‍රීයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජවිපෙ අපේක්ෂක පී.පී.ජී විජේසිරිගේ නිවසේ ජනෙල් වීදුරු ප්‍රහාරයෙන් කෑඩි ඇතැයිද එම පක්ෂය කියයි.
එසේම මොණරාගල, ඔබ්බෙගොඩ - දඹගල්ල පාර ප්‍රදේශයේ පදිංචි මෙවර ඌව පළාත් සභා ජවිපෙ අපේක්ෂකයෙකු වූ අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසේද වීදුරු ජනේල කඩා දමා ඇති බව එම පක්ෂය පවසයි.