Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කටවුට් බැනර් ඉවත් නොකිරීමට එරෙහිව පැෆ්රල් සංවිධානය නීතිමය පියවරගැනීමට සූදානම්

01 December, 2014

පළාත් පාලන ආයතන නීති හා පරිසර නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කරන මැතිවරණ ඉලක්ක කරගත් පෝස්ටර්,බැනර් හා කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට හා පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් සංවිධානය කටයුතු යොදා ඇත.


පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ පළාත් පාලන ආයතන නීතිරීතිවලට අනුව තම බල ප්‍රදේශයන්හි ප්‍රදර්ශනය කරන ඕනෑම ප්‍රචාරක පුවරුවක් වෙනුවෙන් බදු අයකරගෙන අනුක්‍රමික අංකයක් ලබාදිය යුතු වුවත් මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක දැන්වීම්හි එවැනි කිසිදු සඳහනක් නොමැති බවයි.

විධායක අධ්‍යක්ෂතුමා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ නිසාවෙන් විශාල බදු මුදලක් රටට අහිමිවී තිඛෙන බවත් නගර අලංකරණයටද මෙය දැඩි බාධාවක් වි තිඛෙන බවත්ය. එමෙන්ම පළාත් පාලන ආයතන මෙම නීති විරෝධී ප්‍රචාරණ කටයුතුවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමද ගැටළුවක් බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එමෙන්ම පරිසර අනපණත්වලට අනුව පෝස්ටර්, බැනර් හා කටවුට්වලින් සිදුවන පරිසර හානිය සැලකිල්ලට ගනිමින් නීති විරෝධී ආකාරයට ප්‍රදර්ශනය කරන පුවරු, පෝස්ටර් හා බැනර් ඉවත්කිරීමට පොලීිසියට හැකියාවක් තිබුණද එම කටයුත්ත පොලීසිය විසින්ද සිදුකරන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ.

එහෙයින් මේ සම්බන්ධයෙන් ගතහැකි නීතිමය ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් නීති විශාරදයින් සමග සාකච්ඡා කොට ඉදිරි සතිය තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks