Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

හලාවත නගර සභාවේ සේවකයින් හා වාහන මැතිවරණ ප්‍රචාරණයේ

01 December, 2014

හලාවත නගර සභාවට අනුයුක්තව සිටින සේවකයින් පිරිසක් සහ වාහන මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව වාර්තාවේ.


හලාවත නගර සභා සභාපති නීතීඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාගේ නිවසට යාබදව පසුගියදා පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටුවීමට පෙර එහි ආරම්භක උත්සවයට සියලූ සැරසිලි කිරීම සඳහා යොදවාගෙන ඇත්තේ මෙම සේවක පිරිස හා වාහන බවයි වාර්තාවන්නේ.

මේ අතර පසුගිය මස 28 වන දින පස්වරුවේදී නගර සභා සේවකයින් සහ ට්‍රැක්ටර් යොදාගෙන නගරයේ ප්‍රධාන මංසන්ධිය නිල් කොඩි සහිත ගැල්වනයිස් බට සිටුවා අලංකාර කර ඇති අතර එම ගැල්වනයිස් බට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks