01 December, 2014
15000 කට අධික දේශීය නිරීක්ෂකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරාම යෙදවීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර නිරීක්ෂකයින් 35 දෙනෙකුද ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් කැඳවාගැනීමට අවශ්‍ය මූලික පියවරයන් අවසන්කොට ඇති බවයි.
මේ මස අවසන් සතිය වන විට ඔවුන් දිවයිනට පැමිණ සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.