Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

‘මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් ඇරැයුම්‘

02 December, 2014

 ‘මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් ඇරැයුම්‘


ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත්, ඒ සදහා මහින්ද රාජපක්ෂට ද සහභාගී විය හැකි බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.

ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.  

මේ සඳහා පාර්ලිමේන්තුව  නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.  

මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.

මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.

පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ.  හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.

බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.

ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.

අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.

මෛත්‍රීපාල සිරිසේන -

අරලියගහ මන්ධිරයේ සිටි මැතිවරණ සම්බන්ධීකරණ නිලධාරීන් දැන් ඉවත් වෙලා අපට සහාය දෙන්න ඇවිත්. පසුගිය දින කිහිපය තුළ රට තුළු ලොකු පෙරළියක් ඇති වෙලා.

ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ ජනාවට ආදරය කරන පක්ෂයක්. පසුගිය වකවානුවේ එය පෙන්නුම් කළා.

දැන් සමහරුන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යනවා. මා රාජ්‍ය නායකයා වුණාට පස්සේ ඉතා පුළුල් වගකීමකින් කටයුතු කරන්නේ. ආරක්ෂක අංශවල සෑම කෙනකුගේම ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරනවා. ආරක්ෂක නිල ඇඳුමට සුදුසු රාජකාරිය විනා ජනාධිපති මන්ධිරයේ මුළුතැන් ගෙයි වැඩවලට යොදවන්නේ නැහැ.  ආරක්ෂක අංශ අතර කල්ලි හදන්නේ නෑ. ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්න අවස්ථාව දෙනවා. දේශපාලන බලපෑම් එන්න දෙන්නේ නැහැ. ‘

අතුරලියේ රතන හිමි -

‘අද සමහර රජයේ මාධ්‍ය අපේ කතාවේ කොටස් දාන්නේ ඉතා අසීලාචාර විදියට. සමාජ පණිවුඩය විකෘති කරන්න කරන වැඩ ගැන කණගාටු වෙනවා. පසුගිය දා සිරස නාලිකාවේ තිබුණු වැඩසටහන පියෝටීවී හා ඩයලොග් ටීවී මගින් නැවැත්වුවා.

කාලයක් තිස්සේ හෙව්වා කවුද මේ පොදු අපේක්ෂකයා කියලා. කාටුන් ඇන්දා පොදු අපේක්ෂකයා ගැන. සැඟවුණු අමුත්තා අපි එළියට ගෙනවා. මෙවැනි අපේකෂකයෙක් අපි ගෙනාවේ රජයේ මාධ්‍ය ඉතා අශිෂ්ඨ විදියට යොදා ගන්න නිසා. රාජ්‍ය බලය, ධනය අයතා ලෙස යොදා ගන්න නිසා තමයි සියලු පක්ෂ පාට බේදයකින් තොරව තෝරා ගන්න පුළුවන් කෙනෙක් අපි ගෙනාවේ.

මේ රටේ පූජාභූමිවල සුරා සල් අපට බවත් කර ගන්න බැරි වුණා විධායක ජනාධිපතිවරණය නිසා. කිසිම බෞද්ධ සංවිධානයක් මේවගේ සංවේදී කාරණයක් සම්බන්ධයෙන් එක වචනයක් කතා කළේ නැහැ. මතට තිත කියන්නේ බොරුවක්. මෙතුමා ගෙන ආපු රූපමය අවවාද පනත අධිකරණයේ හිර කළා.

රාජ්‍ය බලය, රාජ්‍ය ධනය වැරදි සෙල භාවිත කරද්දී අපේ හඩ ගෙනියන්න උත්සාහ කරන ස්වාධීන මාධ්‍යවේදීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.  

 

Source - www.lankadeepa.lk/index.php/top_story/279418

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks