Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නැ'හිර සබේ ගුටි කෙළියක්

02 December, 2014

 නැ'හිර සබේ ගුටි කෙළියක්

 

නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු විය.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාව හා ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

මෙය සම්මත කර ගැනීමට ඡන්දය ලබා දීමට කාලයක් අවශ්‍ය බව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරු පස් දෙනා පැවසූහ.  ඉන් පසු සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය සභාව රාත්‍රී අට දක්වා කල් තැබීය.

ඊට විරෝධය පළ කළ දෙමළ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කේ නැරෙයිරාජා සිංහම් මහතා සෙන්කෝලය පැහැර ගැනීමට යෑමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සෙන්කෝලය බේරා ගැනීමට උත්සාහ කළේය.

ඉන් පසු සභාව අඟහරුවාදා තෙක් කල් තැබිණි.

අනතුරුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට එද්දී ගුටි බැට හුවමාරුවක් සිදු විය.  

02 04 05 06 08 09 10 12 14 15 16

 

Source - www.lankadeepa.lk/index.php/top_story/279324

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks