Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මෛත්‍රී උරුමය ලබයි හෙළ උරුම සහාය මෛත්‍රීට නිල වශයෙන් ප්‍රකාශ කරයි

03 December, 2014

 මෛත්‍රී උරුමය ලබයි
හෙළ උරුම සහාය මෛත්‍රීට නිල වශයෙන් ප්‍රකාශ කරයි

 

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇති බව ඊයේ (02දා) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිකරගත් ජාතික ප්‍රතිඥවකට අනුව මෙම තීරණය ගත් බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02දා) පෙරවරුවේ ඇතුල්කෝට්‌ටේ සෝලිස්‌ ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

කරුණු ගණනාවකින් සමන්විත එම ජාතික ප්‍රතිඥවේදී ප්‍රධාන වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වී දින 100ක්‌ ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය සහ යහපාලන ය නැවත ස්‌ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ගණනාවක්‌ ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙන බවද පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු සියලුම පක්‍ෂවල සහයෝගයෙන් මේ දින 100 ඇතුළත ජාතික සමගි ආණ්‌ඩුවක්‌ පිහිටුවා ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට එකඟවී තිබෙන බවත් මෙය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හෝ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ නොව මෙය ජාතික සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.

මෙය ඉතාම කෙටි දේශපාලන න්‍යාය පත්‍රයක්‌ බවත් මේ කෙටි දේශපාලන න්‍යාය පත්‍රය රටේ ඉදිරි ගමන් මග තීරණය කිරීමට ඉතාම අත්‍යවශ්‍ය යෑයි විශ්වාස කරන බවත් මේ අයුරින් ඉදිරියට යැමට නොහැකි අතර මේ දේශපාලන ප්‍රතිසංස්‌කරණ රටේ ඉදිරිගමට අවශ්‍ය බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් තිබෙන අත්තනෝමතික බලතල සංශෝධනය කිරීමට, විධායක ජනාධිපතිට අවශ්‍ය ආකාරයට ඕනෑතරම් ඇමැතිකම් ඇති කිරීමට, ඕනෑ තරම් ඇමැති ධුර දැරීමට, ඕනෑම කෙනෙක්‌ අමාත්‍යාංශයක ලේකම් ධුරයට පත් කිරීම, ඕනෑම කෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් බවට පත් කිරීමට ලැබී තිබෙන අත්තනෝමතික විධායක බලතල, වසරකට පසු ඕනෑම අවස්‌ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ලැබී තිබෙන මේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමට අපි මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එකඟතාවකට ඇවිත් තිබෙනවා යෑයිද ඒ මහතා කියා සිටියේය.

 

Source - www.divaina.com/2014/12/03/news01.html

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks