Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

හංසයා ලකුණින් මෛත්‍රීට ඇප බඳී

03 December, 2014

 හංසයා ලකුණින් මෛත්‍රීට ඇප බඳී

 


මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා යන මහත්ම මහත්මීන්...



ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා විපක්‌ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් හංසයා ලකුණ සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊයේ (02 දා) ඇප තැන්පත් කළේය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක්‌ රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ දී ඊයේ සවස 02.15 ට පමණ ඇප තැන්පත් කර තිබේ. 

2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද තරග කරනු ලැබුවේ මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්‍ෂයෙන් හංසයා ලකුණ යටතේය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ වශයෙන් 1995 වසරේදී ආරම්භ වූ මෙම පක්‍ෂය 1998 දී එක්‌සත් ලලිත් පෙරමුණ ලෙසද, 2009 වසරේ එය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වශයෙන් ලියාපදිංචි කෙරිණ.

මෙම පක්‍ෂයේ නායකයා ශලීල මුණසිංහ මහතා වන අතර වර්ණය කහ සහ කොළ පැහැ වේ. 

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‌ෂ, නීතිඥ රෝනල්ඩ් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

 

Source - www.divaina.com/2014/12/03/news02.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks