Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා

03 December, 2014

 ව්‍යවස්‌ථා වෙනසක්‌  කරනවා
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ව්‍යවස්‌ථා වෙනසක්‌ කරනවා

 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පුළුල් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතුළත් කෙරෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

විද්වත් මණ්‌ඩලයක්‌ විසින් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට සකස්‌ කෙරෙමින් පවතින බවත් ඇමැතිවරයා පැවසීය.

2005 දී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයත්, 2010 මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉදිරිපත් කළ අයුරින් මෙවර තුන්කල් දැක්‌මක්‌ සහිත මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (2 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කෙරෙන්නේ කවදාදැයි මාධ්‍යවේදියකු නැඟූ+ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

 

Source - www.divaina.com/2014/12/03/news03.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks