Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

04 December, 2014

 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

 

ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.

 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ කිසිඳු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි. තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන් සිය අයදුම්පත නියමිත පරිදි සම්පූර්ණ කර අදාල සහතික කිරීමේ නිලධාරියා වෙත භාරදිය යුතුයි. එම අයදුම්පත් තමන් වෙත ලැබුණු වහාම ඒවා සහතික කර අදාල මැතිවරණ කොට්ඨාශයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත යැවීමට සහතික කිරීමේ නිලධාරීන් පියවර ගත යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේ.

 

අද මධ්‍යම රාත‍්‍රීයෙන් පසුව තේරීම්භාර නිලධාරීන් වෙතින් හෝ තැපැල් මගින් ලැබෙන අයදුම්පත් භාරනොගන්නා බවත් ඒවා ප‍්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප‍්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළා. 

 

- See more at: nethfm.com/article/47170

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks