Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ටී.එන්.ඒ. අපේක්ෂීකා ආනන්දිගේ නිවසට මැර ප්‍රහාරයක්

20 September, 2013

දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මැතිවරණ අපේක්ෂීකා ආනන්දි ශෂිධරන් මහත්මියගේ නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ(19) රාත්‍රී 12.00 ට පමණ පැමිණි පිරිසක් විසින් පහරදීම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

එම ස්ථානයට පැමිණි මැතිවරණ නිරීක්ෂකයින් පිරිසකට ද ප්‍රහාර එල්ල වී ඇති අතර පුද්ගලයින් අට දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

කැෆේ සහ පැෆ්රල් සංවිධානවල නියෝජිතයන්ද තුවාල ලැබූවන් අතර වෙයි.

එල්.ටී.ටී.ඊ ත්‍රිකුණාමලය හිටපු දේශපාලන අංශ නායක එලිලන්ගේ බිරිඳ වන ශෂිධරන් මහත්මිය මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ස්වකීය නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

ඇය පසුගියදා දිවයිනට පැමිණි මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය සමඟ සාකච්ඡා කර ඇති අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට ද ඉදිරිපත්වී සිටියාය.

ආරක්ෂක අංශ සාමාජිකයින් 150 ක් පමණ පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවට ඇය විසින් චෝදනා කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහෙත් අද දෙරණ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා මෙම ප්‍රහාරය හමුදා සාමාජිකයින් විසින් එල්ල කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks