Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනාධිපතිවරණයේ ප්‍රචාර වැඩවලින් සා.පෙළ විභාගයට බාධා එපා මැතිවරණ කොමසාරිස්‌ පොලිස්‌පතිට දන්වයි

04 December, 2014

 ජනාධිපතිවරණයේ ප්‍රචාර වැඩවලින් සා.පෙළ විභාගයට බාධා එපා මැතිවරණ කොමසාරිස්‌ පොලිස්‌පතිට දන්වයි

 

දිවයින පුරා පිහිටුවන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන අසල නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවීම වැළැක්‌වීම සඳහා උපරිමයෙන් ක්‍රියාකරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම්දී ඇත. 

විභාග මධ්‍යස්‌ථාන අසල ඡන්ද ප්‍රචාරක කටයුතු, මහජන රැස්‌වීම්, අත්පත්‍රිකා බෙදා හැරීම්, සංගීත සංදර්ශන, විවිධ ප්‍රසංග පැවැත්වීමෙන් හෝ රථ පෙළපාලි යැමෙන් වැළකී සිටින ලෙසට ඉදිරියේදී සියලු අපේක්‍ෂකයන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමෙන් පසු කිසිදු ආකාරයකින් නීති විරෝධී ප්‍රචාරක කටයුතු සිදුනොවිය යුතු බවට සියලුම ජනාධිපතිධුර අපේක්‍ෂකයන් දැනුවත් කරන බවද මැතිවරණ කොමසාරිස්‌වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය නිදහස්‌ හා සාධාරණ ඡන්ද විමසීමක්‌ ලෙස පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණයක්‌ ඇති කිරීම සඳහා සහාය අවශ්‍ය බවද පොලිස්‌පතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්ව ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා පැවැත්වෙන අතර අයදුම්කරුවෝ පන්ලක්‍ෂ හැත්තෑදහසකට අධික පිරිසක්‌ ඒ සඳහා පෙනී සිටිති. දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන හාරදහසකට අධික සංඛ්‍යාවක්‌ ක්‍රියාත්මක වෙයි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීමේදී විභාග අයදුම්කරුවන්ට බාධාවක්‌ සිදුවේද යන්න සම්බන්ධයෙන් දෙමවුපියෝද දැඩි විමසිල්ලෙන් පසු වෙති.

 

see more - www.divaina.com/2014/12/04/news01.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks