Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘

04 December, 2014

 ‘මහින්දගෙ මයිලක්වත් හොලවන්න බෑ‘

 

‘අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ  හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ අඩුම තරමේ මයිල් ගහක්වත් හොල්ලන්න කිසිම කෙනෙක් බිහිවෙලා නැහැ‘ යැයි වැඩ බලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා කීවේය.

ඔහු එසේ පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින්  සංවිධානය කළ  රැස්වීමක් අමතමිනි. එළඹෙන  ජනාධිපතිවරණයේදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීම මෙහි අරමුණ විය.  

පස්වරු  2.30 ට පමණ   පමණ ඇරඹි මෙම රැස්වීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාබති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුලු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේටරින් අංශයේ සේවක සේවිකාවෝ රැසක් පැමිණ සිටියහ.

මෙහිදී ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.බී මුහන්දිරම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර,  පදනම් ආයතනයේ සභාපති   මහාචාර්ය රංජිත් බංඩාර, මිනුවන්ගොඩ නගරාධිපති අලහාකෝන් යන මහත්ම මහත්මීහු සභාව ඇමතූහ.

වැඩිදුරටත් අදහස් පැවසු  වැඩබලන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘මම කනගාටුවෙනවා මෛත්‍රීපාල සිරිසේන  අපේ හිටපු ලේකම්තුමා ගැන. ඔහු මම ආදරය කරපු චරිතයක්. එතුමා  අපි දැක්කේ රෙද්ද බැනියම අදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදරණීය කෙනෙක් හැටියට.     ‘

‘චන්ද්‍රිකා බණ්ඩාරණායක කියන්නේ කව්ද කියලා අපි දන්නවා. බණ්ඩාරනායක නාමය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා ෆොන්සේකට අත  දුන්න අපේ ආදරණීය නායිකාව ඇයයි. ඇගේ වෛරය කියන්නේ එයයි.    එදා බණ්ඩාරනායක සමාධිය ළගට ගිහින් මෛත්‍රීලා චන්ද්‍රකාලා මල් පොකුරු තියනවා අපි බලාගෙන හිටියා.  මම හිතුවා සිරිමාවෝ මැතිනියයි, බණ්ඩාරකායක මහත්තයයි නැගිටලා මේ කට්ටියට පයින් ගහයි කියලා තොපි තමයි මේ පක්ෂය පාවාදුන්නේ කියා.  ‘

‘බණ්ඩාරනායකලා  පක්ෂය පාවා දෙනකොට අපේ ජනාධිපතිතුමා කෙලින් හිටියා.‘

 

 DSCF2437 DSCF2442 DSCF2445 DSCF2450 DSCF2456 DSCF2461

 

See more - www.lankadeepa.lk/index.php/articles/279928

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks