Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

හලෝවෙන් ඇමැතිට බැනලා?

04 December, 2014

 හලෝවෙන් ඇමැතිට බැනලා?

 

දෙරණ රූපවාහිනියේ වාද පිටිය වැඩ සටහන අතරතුරේ දී තමාට අපහාස වන ලෙස දුර කතන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පුදාගලයාට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

දුරකතන ඇමතුමක් දුන් අසන්නා තමාට අභූත ලෝදනා කරමින් අපහාස කළැයි ඇමැති අලුත්ගමගේ මහතා දොස්තර රමේෂ් පතිරණ මහතා ද සමඟ නැඟිට යන්නට පෙර දෙරණ වැඩසටහන් පක්ෂග්‍රාහී බවත් චෝදනා කළේය.

එම අසන්නා සිය චෝදනාවෙන් කිසිවකුගේ නමක් නොකී නමුත් අලුත්ගමගේ මහතා කීවේ එම චෝදනාව තමන්ට සංවිධානාත්මක ලෙස එල්ල කළ බවයි.

වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස් එම සිද්ධිය ගැන කණගාටුව පලකරමින් පැවසුවේ ඇමැති තම නාලිකාවට නැගූ චෝදනා පදනම් විරහිත බවයි. ඔවුන් ගිය පසු එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මහතා සහ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති මහතා පමණක් ඉතිරි විය.

 

වැඩසටහන තෙවැනි වටයට නොගොස් අවසන් කැරිණි.

 

See more - www.lankadeepa.lk/index.php/articles/279911

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks