Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මෙවර මැතිවරණයට ප්ලාස්ටික් ඡන්ද පෙටිටි භාවිතා කරයි

20 September, 2013

මෙවර පළාත් සභා ඡන්ද වීමසීම සඳහා විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ අත්හදා බැලීමක් ලෙස ඡන්ද පෙට්ටි 250 ක් මැතිවරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බවයි.

එම ඡන්ද පෙට්ටි මහනුවර , යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

මෙතෙක් භාවිත කළ ලීයෙන් නිමකර ලද ඇතැම් ඡන්ද පෙට්ටි දිරාපත් වී හෝ අබලන් තත්ත්වයට පත්වී ඇති හෙයින් මෙම ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

නව ඡන්ද පෙට්ටි ලීයෙන් නිමකිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම ද ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි භාවිත කිරීමට හේතුවක් බව එම කාර්යාලය පෙන්වාදෙයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks