Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාතර රැලියෙන් සජිත් කැපෙයි

05 December, 2014

 මාතර රැලියෙන් සජිත් කැපෙයි

 

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතරදී පැවැති ප්‍රථම ජන රැලියට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී සිටියේ නැත. මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අවබෝධතා ගිවිසුමකට අස්සන් කළ දේශපාලන පක්ෂ සහ සංවිධාන 45ක් ඒකාබද්ධව ඊයේ (04දා) මේ රැලිය පවත්වනු ලැබිණි.


මේ සඳහා අදාළ දේශපාලන පක්ෂ සහ සංවිධානවල නායකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබුණද, සජිත් ප්‍රේමදාස මහතාට ඊට ආරාධනා කිරීමට සංවිධායකයන් කටයුතු කර නැත.
මේ රැලියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර ඇත්තේ එ.ජා.ප. නායකත්ව මණ්ඩල සාමාජික සහ සන්නිවේදන බළකා ප්‍රධානී මංගල සමරවීර මහතාය. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ක්‍රියාත්මක වන සැලැසුමක ආරම්භය මේ රැලියට ආරාධනා නොකිරීම බවයි.
මීට පෙර පැවැති විපක්ෂයේ පොදු මහජන රැලිවලදී සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබීම මෙලෙස ඔහු රැලිවල කථික ලැයිස්තුවෙන්
හිතා මතා ඉවත් කිරීමට හේතු වී ඇති බවද අනාවරණය වෙයි.

 

See more - www.mawbima.lk/86-73962-news-detail.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks