Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කොළඹ කටවුට් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් නියෝග

05 December, 2014

 කොළඹ කටවුට් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් නියෝග


කොළඹ නගර සීමා බල ප්‍ර‘දේශය පුරා පවතින සියලුම මැතිවරණ ප්‍රචාරක පුවරු ඇතුළු පෝස්ටර් දෙසැම්බර් මස 07 වෙනිදා සිට ඉවත් කිරීමට තමන් නියෝග ලබා දී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති  එම්.ජේ. මුසම්මිල් මහතා 'අද'ට පැවසුවේය. 
ජනාධිපතිවරණය ප්‍රකාශවීමට පෙර පොලිස් පරිසර  ඒකකය  නිසි පරිදි රාජකාරි සිදුකළද ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව පොලිස් පරිසර ඒකකය එම වගකීමෙන්  මිදීම කනගාටුවට කරුණක්  බව පැවසූ නගරාධිපතිවරයා පෝස්ටර් කටවුට් පිළිබඳ වගකීම තම නගර සභාවට පමණක්  අයත් නොවන බව පැවසීය.  
මැතිවරණ මහලේකම් කාර්යාල විමසීමට අනුව තමන් කොළඹ  නාගරික කොමසාරිස්වරියගෙන් අදාළ කටවුට් සඳහා කොළඹ මහනගර සභාවට මුදල් ගෙවීමක් සිදුකර  ඇත්දැයි විමසුවද, මේ දක්වා හරි තොරතුරක් තමන්ට ලැබී නැතැයිද ඒ මහතා සඳහන් කරයි. 
කොළඹ ප්‍ර‘දේශයෙන් බැහැරව සිටීම හේතුවෙන් ඊයේ (04දා) පස්වරු වනතෙක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමා වෙත යොමුකළ එන්තරවාසිය ලැබී නැතැයි පැවසූ ඒ මහතා එය තමන් වෙත ලැබුණු වහාම ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන බවද සඳහන් කළේය.

 

See more - ada.lk/article/40152/%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%9A%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks