Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැමිණිලි ඉදිරිපත් කිරීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවයි

20 September, 2013

උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

හෙට (20) පස්වරු 3.00 සිට අනිද්දා පස්වරු 5.00 දක්වා කාලය තුළ මැතිවරණය සම්බන්ධයෙන් වූ පැමිණිලි අදාළ මධ්‍යස්ථානය හරහා මැතිවරණ කොමසාරිස්වරයා වෙත දුරකථන සහ ෆැක්ස් මාර්ගයෙන් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 073 සහ ෆැක්ස් අංක 0112 877 047 ද මාතලේ දිස්ත්‍රික්කය සඳහා දුරකතන අංක 0112 877 074 සහ ෆැක්ස් අංක 0112 877 050 ද නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 075 සහ ෆැක්ස් අංක 0112 877 051 ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය සඳහා සඳහා දුරකථන අංක 0112 877 076 සහ ෆැක්ස් අංක 0112 877 053 ද , කිලිනොච්චිය දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 078 සහ ෆැක්ස් අංක 0112 877 054 ද මන්නාරම දිස්ත්‍රික්කය සඳහා සඳහා දුරකථන අංක 0112 877 081 සහ ෆැක්ස් අංක 0112 877 056 ද වව්නියාව දිස්ත්‍රික්කය සඳහා සඳහා දුරකථන අංක 0112 877 081 සහ ෆැක්ස් අංක 0112 877 061 ද මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 078 සහ ෆැක්ස් අංක 0112 877 054 භාවිත කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

වයඹ පළාත් සභාවට අදාළ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 065 සහ ෆැක්ස් අංක 0112 877 041 ද පුත්තලම දිස්ත්‍රික්කය සඳහා දුරකථන අංක 0112 877 069 සහ ෆැක්ස් අංක 0112 877 042 භාවිත කළ හැකි බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks