Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනපතිවරණය අවසන් වන තෙක් පෙළපාලි බෑ

06 December, 2014

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාරගනු ලබන ලබන 8 වන සඳුදා දිනයේදී කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන 2015 ජනවාරි මස 8 වන දින සිට සතියක කාලයක් ගතවන තුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ.

ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ ජනාධිපතිවරණ පනත අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ඡායාරූප හා කටවුට් මෙන්ම පෝස්ටර් ප්‍රසිද්ධ ස්ථානයන්හි ප්‍රදර්ශනය කිරීමද තහනම් බවයි. 

තවද නාමයෝජනා බාරගැනීමෙන් පසුව කවර පාර්ශවයකින් මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට විරුද්ධව වුවද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks