Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මීළඟ ජනාධිපති වීමට 19 දෙනෙක්‌ අද නම් දෙති

08 December, 2014

 මීළඟ ජනාධිපති වීමට 19 දෙනෙක්‌ අද නම් දෙති
රාජගිරිය අවට ආරක්‌ෂාව තර කෙරේ
පෙළපාළි ගියොත් අත්අඩංගුවට

 

2015 වසරේ ජනවාරි මස 08 වැනිදා මෙරට පවත්වන හත්වැනි ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්‍ෂකයන් දහනවදෙනා (19) නාමයෝජනා පත්‍ර බාරදීම (අද (08 වැනිදා) පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්‌වා මැතිවරණ කොමසාරිස්‌වරයා ඉදිරියේ සිදුකිරීමට නියමිතය.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ඉදිරියේ ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන අපේක්‍ෂකයන් මෙසේය.

බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ) එම්. බී, නැමිණිමුල්ල මහතා (ඔක්‌කාම වැසියෝ ඔක්‌කොම රජවරු සංවිධානය), පානි විඡේසිරිවර්ධන මහතා (සමාජවාදී සමානතා පක්‍ෂය), සිරිතුංග ජයසූරිය මහතා (එක්‌සත් සමාජවාදී පක්‍ෂය), රාජපක්‍ෂ පර්සි මහේන්ද්‍ර මහතා (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය), ජයන්ත කුලතුංග මහතා (එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය), විමල් ගීගනගේ මහතා (ශ්‍රී ලංකා ජාතික පෙරමුණ), පල්ලේ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), අයි. එම්. ඉල්aලියාස්‌ මහතා (ස්‌වාධීන) ඉබ්‍රාහිම් නිස්‌තාර් මොහොමඩ් මිෆ්ලාර් මහතා (එක්‌සත් සාම පෙරමුණ), පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ පොල්ගම්පල මහතා (ස්‌වාධීන), දුමින්ද නාගමුව මහතා (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය) ඒ. එස්‌. පී. ලියනගේ මහතා (ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය), සුන්දරම් මහේන්ද්‍රන් මහතා (නව සමසමාජ පක්‍ෂය), කටුගම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය), රාජපක්‍ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්‍ෂ මහතා (අපේ ජාතික පෙරමුණ), රත්නායක ආරච්චිගේ සිරිසේන (දේශප්‍රේමී ජාතික පෙරමුණ), සරත් මනමේන්ද්‍ර මහතා (නව සිහළ උරුමය), රුවන්තිලක පේදුරු ආරච්චි මහතා (එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය)

ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්‍ෂකයන් දහනවදෙනකු (19) ඇප මුදල් තැන්පත් කර ඇති අතර පිළිගත් දේශපාලන පක්‍ෂ දාහහතකින් සහ ස්‌වාධීන දෙදෙනකු ද ඒ අතර වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ජනාධිපතිවරණ නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පිළිගත් අපේක්‍ෂකයන් පිළිබඳ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය.

නාම යෝජනා භාරදෙන අද දිනයේ රාජගිරිය හා ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යෙදීමට පොලිසිය පියවර ගෙන ඇත. නාමයෝජනා භාර ගැනීමෙන් පසු අපේක්‍ෂකයන් පිළිබඳ විරෝධතා තිබේ නම් එම විරෝධතා පළ කිරීම සඳහා පෙරවරු 9.00 සිට 11.30 දක්‌වා කාලය ලබාදී ඇත.

නාමයෝජනා බාරගන්නා අද කොළඹ මාර්ග කිහිපයක්‌ තාවකාලිකව වසා දැමීමට රථ වාහන පොලිසිය තීරණය කර ඇත.

නාමයෝජනා භාරගන්නා අවස්‌ථාවේදී මැතිවරණ කාර්යාලය හෝ ඒ අවට ප්‍රදේශවල පෙළපාලි යැම, ජනතාව එක්‌ රැස්‌කිරීම පොලිසිය තහනම් කර ඇති අතර මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවට ප්‍රදේශවල බැනර්, පෝස්‌ටර් හා කටවුට්‌ ඉවත් කරන ලෙස ද මැතිවරණ කොමසාරිස්‌වරයා පොලිසියට දන්වා තිබේ.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks