Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

රන්ජන්ගෙන් පැය 2ක්‌ ප්‍රශ්න කරයි

08 December, 2014

 රන්ජන්ගෙන් පැය 2ක්‌ ප්‍රශ්න කරයි

දෙරණ රූපවාහිනී නාලිකාවේ පසුගියදා රාත්‍රි විකාශය වූ දේශපාලන වැඩසටහනක්‌ අතරතුර ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස වන අයුරින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක්‌ ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධව පෙරේදා(6 දා) සවස ඔහුගෙන් පැය 2 ක්‌ ප්‍රශ්න කළ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිමල් කරුණාරත්න මහතා "දිවයින" ට පැවසීය.

මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී නිල නිවස වෙත ගොස්‌ පෙරේදා සවස 6.30 සිට රාත්‍රි 8.30 දක්‌වා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බව හෙතෙම කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ කීය.

"දෙරණ රූපවාහිනියේ එම වැඩසටහන විකාශය වූ අවස්‌ථාවේ මගේ නිවසේ හිතවතුන් කීපදෙනකු සිටියා. නමුත් මම කතා කළේ නැහැ. එම වැඩසටහනට මගේ ජංගම දුරකථනයෙන් කවුරුන් හරි කතා කරලා තියෙනවා. කවුරු කතා කළාද කියලා කියන්න දන්නේ නැහැ. මහින්දානන්ද ඇමැතිතුමා මා සම්බන්ධව පැමිණිලි කිරීම නිසා පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ම මගෙන් ප්‍රශ්න කළා."

 

Source - www.divaina.com/2014/12/08/news05.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks