Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනපති අද නාම යෝජනා භාර දෙයි

08 December, 2014

 

ජනපති අද නාම යෝජනා භාර දෙයි

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය සඳහා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දෙයි.

අද උදෑසන 9.00 සිට 11. 00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11. 30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිතුමා වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය 1වැනි දා ඇප මුදල් තැන්පත් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (7) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබිණි.

ජනාධිපතිවරණය ජනවාරි මස 8 වැනි දා පැවැත්වෙන අතර 2014 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දදායකයන් එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතරදහස් හාරසියය අනූවක් (15,044,490) මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක, ඇමැති බැසිල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක් වීමට නියමිතය.

 

Link - www.dinamina.lk/2014/12/08/_art.asp

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks