Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නාමයෝජනා අද දහවල් 12ට අවසන්

08 December, 2014

 නාමයෝජනා අද දහවල් 12ට අවසන්

 

ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද (08දා) දහවල් 12.00 ට අවසන් වන අතර, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02 කින් ඇප තැන්පත් කර තිබේ.
ඇප තැන්පත් කිරීම ඊයේ (07දා) දහවල් 12.00 ට අවසන් වූ අතර, නාමයෝජනා භාරගැනීම අද (08දා) දහවල් 12.00 ට අවසන් වේ.
මැතිවරණ ප්‍රචාරක කටයුතු ජනවාරි 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර, ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ජනවාරි 08 වැනිදා උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
තැපැල් ඡන්දය මේ මස 23 සහ 24 යන දෙදින තුළ පැවැත්වෙන අතර, තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා දෙසැම්බර් 30 වැනිදා අතිරේක දිනයක් ලබාදී ඇත. ඉදිරි ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර තිබෙන අපේක්ෂකයන් වන්නේ,
ජනසෙත පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂය වෙනුවෙන් එම්.බී. තැමිණිමුල්ල මහතා, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධන මහතා, එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර මහතා, එක්සත් ලංකා මහා සභා පක්ෂය වෙනුවෙන් ජයන්ත කුලතුංග මහතා, ශ්‍රී ලංකා ජාතික පෙරමුණ වෙනුවෙන් විමල් ගීගනගේ මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් පල්ලේ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා, එක්සත් සාම පෙරමුණ වෙනුවෙන් මෞලවි ඉබ්‍රාහිම් නිස්තාර් මොහොමඩ් මිෂලාර් මහතා, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව මහතා, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය වෙනුවෙන් ඒ.එස්.පී. ලියනගේ මහතා, නව සම සමාජ පක්ෂය වෙනුවෙන් සුන්දරම් මහේන්ද්‍රන් මහතා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් කටුගම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා, අපේ ජාතික පෙරමුණ වෙනුවෙන් රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ මහතා, දේශප්‍රේමී ජාතික පෙරමුණ වෙනුවෙන් රත්නායක ආරච්චිගේ සිරිසේන මහතා, නව සිහළ උරුමය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර මහතා, එක්සත් ලංකා මහ සභාව වෙනුවෙන් රුවන් තිලක පේදුරුආරච්චි මහතා, ස්වාධීන අපේක්ෂක අයි.එම්. ඉල්යාස් මහතා, ස්වාධීන අපේක්ෂක පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ පොල්ගම්පල මහතා යන අයයි.

- Source - ada.lk/article/40502/%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F-%E0%B6%85%E0%B6%AF-%E0%B6%AF%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-12%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks