Home › PAFFREL Community › News
ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට විශේෂ ආරක්ෂාවක්
20 September, 2013

උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.
මීට අමතරව අද(20) සහ හෙට දිනයේ ඡන්දය පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර ඡන්ද පෙට්ටි පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට පෙර ඡන්ද පෙට්ටි පරීක්ෂා කිරීමට අවස්ථාව සළසා දි ඇති අතර මෙවර ඡන්ද පෙට්ටි සීල් තැබීමේ විශේෂ ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ.