තිස්ස අත්තනායක එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක, පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. තිස්ස අත්තනායක මන්ත‍්‍රිවරයා අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ වෙත භාරදී ඇති අතර එය ඔහු විසින් භාරගෙන නොමැති බවද විපක්ෂ නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.
Link - www.hirunews.lk/sinhala/98752