Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නීතියට අවනතව සාමකාමී මැතිවරණයකට සහාය දෙන්න

09 December, 2014

ජනාධිපතිවරණයට තරග කරන සෑම අපේක්‍ෂකයකුම මැතිවරණ නීති ආරක්‍ෂා කරමින් සාධාරණ හා සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීමට සහාය වන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා එම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසූයේ ඊයේ  (8) ජනාධිපතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා බාරගැනීමෙන් අනතුරුව අපේක්ෂකයින් සියලූදෙනා අමතමිනි. 


එහිදී දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේනාමයෝජනා පත්‍ර බාරගත් දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක්‌ සාමාන්‍ය නීතිය හා ඡන්ද විමසීම් නීතිය රටේ බලපැවැත්වෙන නිසා ඊට අවනතව කටයුතු කරන ලෙසයි.

එමෙන්මමෙම කාලය ඇතුළත නීති විරෝධී ලෙස පෝස්‌ටර්, කටවුට්‌, බැනර්, ප්‍රදර්ශනය කිරීම තහනම් යෑයිද රැස්‌වීම් පැවැත්වෙන භූමියේ හා ආසන්න ප්‍රදේශවල පමණක්‌ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇති බවද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය හා සියලු පුද්ගලික මාධ්‍ය අන්තගාමීව කටයුතු නොකළ යුතු බවත් ජනපතිවරණ කාලය තුළ එම ආයතනවල ක්‍රියාකාරීත්වය සමීපව නිරීක්‍ෂණය කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks