Home › PAFFREL Community › News
නිල ඡන්ද පත්‍රිකා 20 වනදා තැපෑලට
11 December, 2014

ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද පත්‍රිකා ඡන්දදායකයින්ගේ නිවෙස්වලට ඛෙදාහැරීමේ කටයුතු සංවිධානය කර ඇති බවට වාර්තා වන අතර දෙසැම්බර් 28 වන ඉරු දින විශේෂ දිනයක් වශයෙන් සලකා ඡන්ද පත්‍රිකා ඛෙදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
මැතිවරණ මහකොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ කිසියම් ඡන්ද දායකයෙකුට සිය ඡන්ද පත්‍රිකාව ලබාගැනීමට නොහැකි වුවහොත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර එම ඡන්ද පත්‍රිකා ලබාගන්නා ලෙයසි.