Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද ගැටුම්වලින් 19ක් රෝහලේ

13 December, 2014

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලයේදී මැතිවරණ නීති උල්ලංගණය කළ සිද්ධීන් 175කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි. වැඩිදුර කරුණු දැක්වීම එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන්. 
 
"සිද්ධීන් 48ක් ප්‍රචණ්ඩකාරී සිද්ධීන් හැටියට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. පුද්ගල පහරදීම්, වෙඩි තැබීමේ සිද්ධීන් 4 ක්, බෝම්බ ගැසීමේ සිද්ධියක්, මේ සිද්ධීන් අතර වාර්තා වෙනවා. 19 දෙනෙක් මේ නිසා රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙනවා. සෙසු සිද්ධීන් අතර ප්‍රධාන සිද්ධීන් වෙන්නේ පොදු දේපල දේශපාලන කටයුතු සදහා භාවිතා කිරීම් සහ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් හරහා අපේක්ෂකයින් ප්‍රවර්ධන කිරීමට කටයුතු කිරීමයි".
 
මෙවැනි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නිසා ජනාධිපතිවරණයේ සුජාතභාවය පසුව සැකයට බඳුන්විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ නිසා මැතිවරණ නීති ආරක්ෂා කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කැපවන ලෙසයි රෝහණ හෙට්ටිආරච්චි මහතා සියලූ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියේ.
 
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks