Home › PAFFREL Community › News
තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට
15 December, 2014

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (15) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා කඩිනමින් ඛෙදාහරින බවයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසූයේ.
මේ අතර මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ මේ වන විටත් එම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂණ පැකට් තැපැල් අධිකාරීවරුන් මාර්ගයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකර ඇති බවයි.