17 December, 2014
ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි 289 ක් ලැබී ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
පැෆ්රල් සංවිධානය අද (17)පස්වරු 2.00 ට නිකුත් කල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ වාර්තාවට අනුව වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සංඛ්‍යාවක් මේ වන විට වාර්තාවී ඇත්තේ වයඹ පළාතෙනි.
වෙඩි තැබීම් 5 ක්, රෝහල් ගතවීම් 20 ක්, බරපතල ගණයේ පහරදීම් 17 ක්, රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම් 25, රජයේ වාහන යොදාගැනීම් ක්ද මේ විට වාර්තාවී ඇති අතර අඩුම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සංඛ්‍යාවක් මේ වන විට වාර්තාවී ඇත්තේ උතුරු පළාතෙනි.