Home › PAFFREL Community › News
පුත්තලමේ තැපැල් ඡන්ද අයදුම්පත් 3142 ක් ප්‍රතික්ෂේප වෙයි
19 December, 2014

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරණයේදී භාවිතා කිරීම සදහා ඉල්ලුම් කර ඇති තැපැල් ඡන්ද අයදුම් පත් 3142 ක් ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම දිසා ලේකම් හා තේරීම්බාර නිලධාරී කිංස්ලි ප්‍රනාන්දු මහතා පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින් 13117 ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සදහා ඉල්ලුම් කර ඇත. ඉන් අයදුම් පත් 3142 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර පිලි ගෙන ඇත්තේ අයදුම්පත් 9975 ක් පමණි.
තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී ඇතැම් අයදුම්කරුවන් ඡන්ද හිමි නාම ලේඛණයේ තම අනුක්‍රමික අංකය ලෙස 2013 ඡන්ද හිමි නාම ලේඛණයේ අංකය සටහන් කිරීම මෙම තත්ත්වයට හේතුව බවද පැවසේ.2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට හැකියාව ඇත්තේ 2014 ඡන්ද හිමි නාම ලේඛණයේ ලියා පදිංචි ඡන්ද දායකයින්ටය.