Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සෑම අපේක්ෂකයෙක්ම අපිට එක හා සමානයි - පැෆ්රල්

19 December, 2014

දිගින් දිගටම මැතිවරණ කැලැන්ඩරයකින් තොරව මැතිවරණ පැවැත්වීම පිළිබඳව එකඟවිය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි. ඊයේ (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය.

හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ මෙවර මැතිවරණයේදී වෙනත් මැතිවරණවලට සාපේක්ෂව රාජ්‍ය දේපළ සහ රාජ්‍ය බලය යොදාගැනීම කැපීපෙනෙන ලෙස ඉහළගොස් ඇති බවයි. එහිදී ඔහු මෙසේද පැවසීය.

මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන මෙම කාලසීමාව තුළ රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ වැඩිපුර භාවිත වෙන බව දකින්න ලැබෙනවා. විශේෂයෙන් තැනින් තැන සහනාධාර ව්‍යාපෘති, භාණ්ඩ බෙදාදීම් ක්‍රියාත්මකවෙනවා. ජනතාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධවීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ.

නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් එවැනි දේවල් සිදුවීමෙන් පැහැදිලිවම ජනමතයට බලපෑමක් එල්ලවෙනවා. 

මෙවර මැතිවරණය ජාතික වශයෙන් අතිශය වැදගත්කමක් පවතින මැතිවරණයක්. එම නිසා එහි සුජාතභාවය ආරක්ෂා කරගත යුතුයි. 

මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන් වුවත් අපට ප්‍රශ්නයක් නැහැ. ඒ කෙසේ වුවත් සියලුදෙනාට සාධාරණ පරිසරයක් සාධාරණ වැඩපිළිවෙලක් මෙම මැතිවරණ ක්‍රමය තුළ තිබිය යුතුයි. 

මෙම මාධ්‍යය හමුව සඳහා පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත්, පැමිණිලි අංශ ප්‍රධානී නීතිවේදී ඉසුරු කරවිට හා සර්වෝදය විධායක අධ්‍යක්ෂ සමන් අල්ගොඩ යන මහත්වරුන් එක්ව සිටියහ.

 

 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks