19 December, 2014
එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිඛෙන තැපැල් ඡන්දය වෙනුවෙන් නිකුත්කල ඡන්ද පත්‍රිකා 2912 ක් ප්‍රතික්ෂේපවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා කියයි.
නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකිරිම,අසම්පූර්ණ ඡන්ද පත්‍රිකා ඉදිරිපත්කිරිම වැනි කරුණු මත මෙම ප්‍රතික්ෂේප කිරිම සිදුවු බැවි කොමසාරිසෙවරයා කියයි.
මෙවර මැතිවරණය සහා අයදුම්පත්‍ර 20242 මැතිවරණ කාර්යාලයට ලැබි ඇති අතර ඉන් 17330 ක් නිවැරදි අයදුම්පත්‍ර වශයෙන් සලකා තිබේ.
දෙසැම්බර් මස 18 වෙනිදා වනවිට තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රදේශයේ සියලූම තැපැල් කාර්යාල වෙත නිකුත්කළ බවත් එය සිය මැතිවරණ කාර්යාලයේ කවුලූ 22 න සිදු කළ බවත් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.