
පූර්ණ දෘශ්‍යාබාධිත හෝ අර්ධ දෘශ්‍යාබාධිත ශාරීරික දුබලතා ඇති ඡන්දදායකයින්ට සිය ඡන්දය භාවිත කිරීම සඳහා සහායකයෙකු අවශ්‍ය නම් සහායකයා සමග යාමට අවශ්‍ය අයදුම්පත් මේ දිනවල ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
එම කාර්යාලය පෙන්වාදෙන්නේ සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ග්‍රාම නිලධාරී කාර්යාලවලින් මෙම අයදුම්පත් ලබාගත හැකි බවයි.
එලෙස ලබාගන්නා අයදුම්පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත බාරදී සහතික කරවාගැනීමෙන් පසු එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත්කොට ඡන්දදායකයාගේ යෝග්‍යතාව සටහන් කරගත යුතු බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පෙන්වාදෙන්නේ.
එලෙස රැගෙන යන සහායකයා අවුරුදු 18 සම්පූර්ණවූ ඔහු අපේක්ෂකයෙකු, ඡන්ද විමසීමේ දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්දපොල නියෝජිතයෙකු නොවිය යුතු බවත් යෝග්‍යතා සහතික නොමැති කිසිදු අයෙකුට සහායකයෙකු රැගෙන යා නොහැකි බවත් එම කාර්යාලය පවසයි.