20 December, 2014
ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (20) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල්පති රෝහණ අබේරත්න මහතා පෙන්වාදනේනේ එම නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන සඳුදා දිනයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම සිය කාර්ය මණ්ඩලයේ එකඟතාවය ලැබෙන්නේ නම් 25 වනදා නත්තල් දිනයේදීද නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට බලාපොරොත්තු වන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ . ලබන 31 වනදා වන විට එම ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට බලාපොරොත්තු වන බවත් යම් ඡන්ද දායකයෙකුට සිය ඡන්ද පත්‍රිකාව නොලැබුණහොත් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් එය ලබාගත හැකි බවයි තැපැල් සඳහන්කොට සිටියේ.