21 December, 2014
තැපැල් ඡන්දය ලබාදීමේදී පොලීසියට වෙනම දිනයක් ලබාදීමට මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා මාධ්‍යය වෙත පවසා ඇත්තේ තැපැල් ඡන්දය මධ්‍යස්ථානයන් සඳහා නිසි ආරක්ෂාවක් යෙදවීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ලබන 26 වන දින පොලිස් දෙපාර්තමේන්තුවට තැපැල් ඡන්දය ලබාදීමට ඉඩ සලසාදීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.