Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දය භාවිත කරන්නේ මෙහෙමයි

21 December, 2014

ජනවාරි 8 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළීබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද‍ දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

මෙවර මැතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් තරඟ වදින බැවින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද දායකයින්ට අපේක්ෂකයින් තිදෙනෙකුට සිය මනාපය පලකල හැකි බවයි මැතිවරණ කොමසාරිස්තුමා පෙන්වාදී ඇත්තේ.
 
ඒ අනුව එක් අපේක්ෂකයෙකුට පළමු මනාපයත් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන හා තුන්වන මනාපයත් සළකුණු කිරීමේ හැකියාවත් ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ.

එමෙන්ම යම් ඡන්දදායකයෙකු සිය ඡන්දය ලබාදීමට බලාපොරොත්තුවන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් දෙවන හෝ තෙවන මනාප සළකුණු කිරීමකින් තොරව සිය ඡන්දය භාවිත කල හැකි අතර එකේ ඉලක්කමෙන් පළමු මනාපයත් දෙකේ ඉලක්කමෙන් දෙවන මනාපයත් තුනේ ඉලක්කමෙන් තෙවන මනාපයත් සළකුණු කිරීමේ හැකියාවත් ඇත.

කෙසේ නමුත් ඡන්දයක් සළකුණු කර නොමැති දෙවැනි හෝ තුන්වැනි මනාපය සලකුණු කරන ඡන්ද පත‍්‍රිකාවක් ප‍්‍රතික්ෂේප කෙරෙනවා. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සළකුණු කර  නොමැති හෝ එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සළකුණු කර ඇති හෝ එක් අපේක්ෂකයෙකුට එක සහ තවත් අයෙකුට කතිරය සළකුණු කර ඇති ඡන්ද පත‍්‍රිකා සහ ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා හෝ ඇඳ ඇති ඡන්ද පත‍්‍රිකාද ප‍්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශකොට ඇත්තේ.


 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks