Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තැපැල් ඡන්දය නිරීක්ෂණයට පැෆ්රල් නිරීක්ෂකයින් 1000 ක්

22 December, 2014

හෙට (23) ආරම්භවන තැපැල් ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය කටයුතු යොදා ඇත.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයකින් පෙන්වාදී ඇත්තේ ජාතික වශයෙන් අතිශය වැදගත් හා තීරණාත්මක මැතිවරණයක් වන  එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේදී ලංකා ගමනාගමන මණ්ඩල, පොලිස් ස්ථාන, අධ්‍යාපන කාර්යාල, යුද හමුදා කඳවුරු හා පළාත් පාලන ආයතන වැනි දේශපාලන වශයෙන් සංවේදීභාවයක් සහ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවලක් සහිත ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බවයි.

එමෙන්ම ජංගම නිරීක්ෂකයින් සිව්දෙනෙකුගෙන් යුත් නිරීක්ෂණ රථ 35 ක්ද යෙදවීමට පැෆ්රල් සංවිධානය තීරණය කර ඇති අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කෙරෙන හෙට (23) හා අනිද්දා (24) දෙදින පිළිගත් හා වලංගු අනන්‍යතා ලේඛනයක් රැගෙන නියමිත ස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි පැෆ්රල් සංවිධානය තැපැල් ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks