23 December, 2014
අද (23) දිනයේ ආරම්භවූ තැපැල් ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමී බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් දක්වා ඇත්තේ බහින්බස්වීමක් හා එක් ගැටුම්කාරී සිද්ධියක් හැරෙන්නට වෙනත් බරපතල සිද්ධීන් වාර්තාවී නොමැති බවයි.
ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අතර ගැටුමක් හටගෙන තිබූ අතර ගාල්ල දක්ෂිණපාය පරිශ්‍රෙය්දීද බහින්බස්වීමක් සිදුව තිබීම අද ලැබුණු පැමිණිලි අතරින් ප්‍රමුඛය.
අද පැවති තැපැල් ඡන්ද විමසීම සඳහා පැෆ්රල් සංවිධානය විසින් නිරීක්ෂකයින් 1000 ක් යොදවා තිබූ අතර ජංගම නිරීක්ෂණ රථද 35 ක් යොදවා තිබුණි.