24 December, 2014
ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද (24) යි.
දිවයින පුරා පිහිටි තැපැල් ඡන්ද විමසීම පෙ.ව 8.30 ට ආරම්භවී තිබෙන අතර මේ දක්වා තැපැල් ඡන්ද විමසීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
ඊයේ (23) දිනයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වුණු අතර අද පස්වරු 4.15 ට තැපැල් ඡන්ද විමසීම අවසන් කිරීමට නියමිතය.